ඉලුක් මනාලිගේ හොල්මන් අවතාරය
මේ කතාව මගේ හොඳම යාලුවෙකුට සිදුවුන සිදුවීමක් යාලුවනේ. නම් ගම් සඳහන් මන:කල්පිත බව සළකන්න.මන්ද යත් සත්‍ය සිදුවීමක් නිසා ඒ අයට හරි නැති නිසා.මගේ යාලුවාගේ නම ආසිරි කියලා හිතමු.ඔන්න දැන් කතාවට බහිමු අපි. ආසිරි මේ රැකියාවට එන්න කලින් වැඩ කළේ රාත්‍රී ආපන ශාලාවක. ඒ ආපන ශාලාව ඒ ප්‍රදේශයේ ජනප්‍රියම ආපන ශාලාවක්. ඒ ජනප්‍රියත්වයට එකම හේතුව තමයි එයාලා රෑ දවල් වෙනසක් නැතිව ඇනවුම් කරනා ආහාර පාරිභෝගිකයන්ගේ නිවෙස් වලටම ගිහින් බාරදෙන එක. මගේ යාලුවා කලේ මේ නිවෙස්වලට ගිහින් මේ ඇනවුම් බාරදීමේ රැකියාවයි. ඒ වැඩේට එයාට ආයතනයෙන් ත්‍රීරෝද රථයකුත් දීලා තිබුණා. ගොඩක් දුරට රාත්‍රී කාලයේ ආහාර ඇනවුම් කරන්නේ නගරය ආසන්නයේ ජීවත් වෙන පිරිස් නිසා මගේ යාලුවාට වැඩිය දුරගමන් යෙදුණෙත් නෑ. ඉතින් ඔය විදිහට ආසිරි කාලයක් සතුටින් රැකියාව කරගෙන හිටියා. එක දවසක් රෑ වැඩ ඉවර වෙලා ගෙදර යන්න කියලා එලියට බහිනකොටම ආපනශාලාවේ අයිතිකාරයා සමිත්ට කතා කරලා කීවලු යවන්න අමතකවුන ඕඩරයක් තියෙනවා ඒක ගිහින් බාරදීලා සමිත්ටත් එතනින්ම ගෙදර යන්න කියලා. ලොක්කා නිසා බෑ කියන්න...